එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
ගණන් කථාව 3:9 - Sinhala Revised Old Version ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය. Sinhala New Revised Version නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත. Sinhala New Revised Version 2018 නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත. |
එවිට දාවිත් කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ටත් සෑමකල්හිම උන්වහන්සේට සේවයකරන්ටත් ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන්ට ඔවුන්ට මිස වෙන කාටවත් යුතු නැතැයි කීවේය.
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;
මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.
ලෙවීවරුන්ගේ මෙහෙයට දාවිත් සහ අධිපතීන් විසින් නියමකළ නෙතිනීම්වරුන්ගෙන් නෙතිනීම්වරුන් දෙසිය විසි දෙනෙකුත් අප වෙතට කැඳවාගෙන ආවෝය. ඔවුන් සියල්ලෝම නම් වශයෙන් සඳහන්කරනලද්දෝය.
ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයේ මෙහෙය කිරීමටත් සභාවට සේවයකරන පිණිස ඔවුන් ඉදිරියෙහි සිටීමටත් නුඹලා තමන්වහන්සේ ළඟට පමුණුවන ලෙස ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් සභාවෙන් නුඹලා වෙන්කරගත් එකත්,
නුඹේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන නුඹේ සහෝදරයන්ද නුඹට එකතුවී නුඹට සේවයකරන පිණිස ඔවුන් නුඹ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න.
ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.
මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි.
ඉශ්රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක.
උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.
එහෙයින් උන්වහන්සේ කථාකොට: උන්වහන්සේ උසස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන්සේකැයි කියනසේක.