Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:20 - Sinhala Revised Old Version

20 ලෙවීවරුන්ගේ මෙහෙයට දාවිත් සහ අධිපතීන් විසින් නියමකළ නෙතිනීම්වරුන්ගෙන් නෙතිනීම්වරුන් දෙසිය විසි දෙනෙකුත් අප වෙතට කැඳවාගෙන ආවෝය. ඔවුන් සියල්ලෝම නම් වශයෙන් සඳහන්කරනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 තවද, ලෙවීවරුන්ගේ මෙහෙයට ද දාවිත් සහ අධිපතීන් විසින් නියම කරන ලද දේව මාලිගාවේ සේවකයන්ගෙන් දෙසිය විසි දෙනෙක් අප වෙත එවන ලදහ. ඔවුන් සියල්ලෝ ලියාපදිංචි කරන ලදහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තවද, ලෙවීවරුන්ගේ මෙහෙයට ද දාවිත් සහ අධිපතීන් විසින් නියම කරන ලද දේව මාලිගාවේ සේවකයන්ගෙන් දෙසිය විසි දෙනෙක් අප වෙත එවන ලදහ. ඔවුන් සියල්ලෝ ලියාපදිංචි කරන ලදහ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:20
7 හුවමාරු යොමු  

තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;


තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


කාසිපියා යන ස්ථානයේ සිටිය ප්‍රධානියාවූ ඉද්දෝ වෙතට ඔවුන් යවමින්, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන් අප වෙතට කැඳවාගෙන එන පිණිස ඉද්දෝටත් කාසිපියා යන ස්ථානයෙහි සිටිය ඔහුගේ සහෝදරයන් වන නෙතිනීම්වරුන්ටත් කිය යුතුදේ ඔවුන්ට කීමි.


හෂබියාද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් යෙෂායාද ඔහුගේ සහෝදරයන්ද ඔවුන්ගේ පුත්‍රයන්ද විසි දෙනෙකුත්,


ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.


එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්