Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එපීස 4:8 - Sinhala Revised Old Version

8 එහෙයින් උන්වහන්සේ කථාකොට: උන්වහන්සේ උසස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන්සේකැයි කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ ගැන මෙසේ කියා තිබේ: “උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 ඒ ගැන මෙසේ කියවෙයි: “උන්වහන්සේ උසස් ස්ථානයට නැගුණු කල, වහල්කමට අල්ලාගත් සමූහයක් ගෙන ගිය සේක; උන්වහන්සේ මිනිසුනට තෑගි දුන් සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඒ ගැන මෙසේ කියා තිබේ: “උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 4:8
7 හුවමාරු යොමු  

රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.


ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.


ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.


උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.


උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක.


පිබිදෙව, දෙබොරා පිබිදෙව; පිබිදෙව, පිබිදෙව, ගීතිකාවක් පවසව. බාරාක් නැගුටුව, එම්බා අබිනොවම්ගේ පුත්‍රය, නුඹ වාලට ගත් අය වාලට ගෙනයව.


දාවිත් ශික්ලග්ට පැමුණුණු විට තමාගේ මිත්‍රයන් වන යූදාහි වැඩිමහල්ලන්ට කොල්ලයෙන් කොටස් යවමින්: මෙන්න, ස්වාමීන්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් නුඹලාට තෑගියයි කියා ඇරියේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්