Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 2:43 - Sinhala Revised Old Version

43 නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 2:43
13 හුවමාරු යොමු  

තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


සෙනඟගෙන් ඉතිරි අයද පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගීතිකාකාරයෝද නෙතිනීම්වරුද දේශවල ජනයන්ගෙන් වෙන්ව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙනුත් දැනුම් තේරුම් ඇති සියල්ලෝද,


නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


දොරටුපාලයන්ගේ පුත්‍රයෝ එනම් ෂල්ලුම්ගේ පුත්‍රයෝද ආටෙර්ගේ පුත්‍රයෝද ටල්මොන්ගේ පුත්‍රයෝද අක්කූබ්ගේ පුත්‍රයෝද හටීටාගේ පුත්‍රයෝද ෂොබයිගේ පුත්‍රයෝද යන සියල්ලෝ එකසිය තිස්නව දෙනෙක්ය.


කේරොස්ගේ පුත්‍රයෝය, සියහාගේ පුත්‍රයෝය, පාදොන්ගේ පුත්‍රයෝය;


කාසිපියා යන ස්ථානයේ සිටිය ප්‍රධානියාවූ ඉද්දෝ වෙතට ඔවුන් යවමින්, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන් අප වෙතට කැඳවාගෙන එන පිණිස ඉද්දෝටත් කාසිපියා යන ස්ථානයෙහි සිටිය ඔහුගේ සහෝදරයන් වන නෙතිනීම්වරුන්ටත් කිය යුතුදේ ඔවුන්ට කීමි.


ලෙවීවරුන්ගේ මෙහෙයට දාවිත් සහ අධිපතීන් විසින් නියමකළ නෙතිනීම්වරුන්ගෙන් නෙතිනීම්වරුන් දෙසිය විසි දෙනෙකුත් අප වෙතට කැඳවාගෙන ආවෝය. ඔවුන් සියල්ලෝම නම් වශයෙන් සඳහන්කරනලද්දෝය.


යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.


ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.


තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


(එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.)


නුමුත් නෙතිනීම්වරු ඕපෙල්හි වාසයකළෝය. ශීහාද ගිෂ්පාද නෙතිනීම්වරුන්ට ප්‍රධානියෝව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්