Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 6:33 - Sinhala Revised Old Version

33 එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 6:33
17 හුවමාරු යොමු  

සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ යෝවෙල් සහ දෙවෙනියාවූ අබියාය.


මෙසේ ලෙවීවරු යෝවෙල්ගේ පුත්‍රවූ හේමාන්ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරකියාගේ පුත්‍රවූ ආසාප්ද තමුන්ගේ සහෝදරයන්වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත්‍රවූ ඒතාන්ද;


මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.


හේමාන්ගේ පුත්‍රයන්ගෙන් යෙහූවෙල්ද ෂිමෙයිද; යෙදූතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායාද උස්සීයෙල්ද යන ලෙවීවරු නැගිට,


ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


හේමාන්ද ආසාප්ද ඒතාන්ද යන ගායනාකාරයෝ පිත්තල අත්තල්වලින් ශබ්දකිරීමටත්;


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.


එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.


සාලමොන් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන තුරු ඔව්හු සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමුන්ගේ පංක්ති පරිද්දෙන් තමුන්ගේ තනතුරෙහි යෙදී සිටියෝය.


ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;


ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න.


ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.


ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු අධිපතීන්ද පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්