ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:20 - Sinhala Revised Old Version

තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:20
18 හුවමාරු යොමු  

එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමාගේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.


ඈ නැවතත් තව පුත්‍රයෙකු බිහිකර ඔහුට ෂේලා යන නම තැබුවාය. ඈ ඔහු බිහිකරන කල්හි යූදා කෙසිබ්හි සිටියේය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.


යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;


යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය.


ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලාවූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝය.


යූදාගේ පුත්‍රයා වන සෙරාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මෙෂශෙබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේය.


යූදා පුත්‍රයන්ගෙන්ද බෙන්යමින් පුත්‍රයන්ගෙන්ද සමහරෙක් යෙරුසලමෙහි වාසයකළෝය. යූදා පුත්‍රයන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මහලලේල්ගේ පුත්‍රවූ ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත්‍රවූ අතායාය.


යෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයෝ නම් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅට දෙනෙක්ය.


පෙරෙශ්ගේ පුත්‍රයෝනම්: හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. හාමුල්ගෙන් පැවත ආ හාමුල් පවුලය.


යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;


ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රොන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,


යූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රාකරනු ලැබුවෝය. රූබෙන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,