Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:14 - Sinhala Revised Old Version

14 ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමාගේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:14
9 හුවමාරු යොමු  

යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.


මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.


ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.


අර කෙතේ අප ඉදිරියට එන්නාවූ මේ මනුෂ්‍යයා කවුදැයි ඈ මෙහෙකරුවාගෙන් ඇසුවාය. ඒ මාගේ ස්වාමියායයි මෙහෙකරුවා කීය. එවිට ඈ තමාගේ වැස්ම රැගෙන මුහුණ වසාගත්තාය.


නුඹ සියලු මංසන්ධිවල නුඹේ උස්තැන් ගොඩනගා, නුඹේ ශෝභනකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට නුඹේ කකුල් විදහා, නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.


යූදා ඈ දැක, මුහුණ වසාගෙන සිටි බැවින් ඈ වේශ්‍යාවකැයි සිතුවේය.


එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.


ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්