Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 4:21 - Sinhala Revised Old Version

21 යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:21
10 හුවමාරු යොමු  

ඈ නැවතත් තව පුත්‍රයෙකු බිහිකර ඔහුට ෂේලා යන නම තැබුවාය. ඈ ඔහු බිහිකරන කල්හි යූදා කෙසිබ්හි සිටියේය.


යූදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලාය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහු නිසා උපන්නෝය. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් උන්වහන්සේ ඔහු නැසූසේක.


තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝයාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්-හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය.


ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලාවූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝය.


ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.


යෝකීම්ද කොසේබාහි මනුෂ්‍යයෝද මෝවබ්වරුන් කෙරෙහි ආණ්ඩුකළාවූ යෝවාෂ් සහ සාරාප්ද යාෂූබී-ලෙහෙම්ද යන මොව්හුය. මේවා වනාහි පුරාණ කාරණය.


කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.


තවද හණ පීරන කර්මාන්තකාරයෝද සුදු රෙදිවියන්නෝද ලජ්ජාවට පත්වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්