Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 49:8 - Sinhala Revised Old Version

8 එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 49:8
38 හුවමාරු යොමු  

මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.


මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.


යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)


තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී නුඹලාගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.


යූදාගේ ආශීර්වාදය මේය: ඔහු කියනුයේ– ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව. ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය; ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.


ඈ නැවතද ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ බිහිකිරීම නැවතුණේය.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.


එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක.


අන්තිම අයුතුකමේ කාලයේදී සිටියාවූ මැරුම්කෑවාවූ දුෂ්ටයන්ගේ කුළල් පිටට නුඹ හෙළනු ලබන පිණිස ඔවුන් නුඹ උදෙසා නිෂ්ඵල දේ දකිමින් නුඹට බොරු පේනකියන අතර කඩුවක්–මරාදැමීමට කඩුවක්–ඇද තිබේ, විදුලිය මෙන් දිලිහෙන පිණිස පුළුවන් පමණ ඒක මැදලා තිබේ.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය.


එසේ වුවත් ආෂෙර්හිද මනස්සේහිද සාබුලොන්හිද නොයෙක් දෙනෙක් යටත්වී යෙරුසලමට ආවෝය.


ඔහු යූදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යූදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය.


තවද ඔහු සියලු යූදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය.


යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.


යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.


මට ද්වේෂකරන්නන් මා විසින් සිඳදමන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටිපාන්ට සැලැස්වූසේක.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.


යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.


පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.


යූදාගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ හැත්තෑ හාරදාස් හසියයක්ය.


යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.


යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.


තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය.


නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.


යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ උරුමය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්