අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.
ගණන් කථාව 21:6 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. |
අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.
දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.
මක්නිසාද, මෙන්න, මම කිසි මන්ත්‍රයකට නොහික්මෙන සර්පයන්ද පොළඟුන්ද නුඹලා අතරට එවන්නෙමි; උන් නුඹලාට දෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
චණ්ඩ මෘගයන් නිසා කිසිවෙකු දේශයෙහි ගමන් නොකරන හැටියට ඒක පාළුවක් වෙන ලෙස නාස්තිකරන පිණිස මා විසින් මෘගයන් එහි යවන විට,
අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.
ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී,