Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 30:6 - Sinhala Revised Old Version

6 දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:6
31 හුවමාරු යොමු  

ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී,


එය වනාහි මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනා කල ඔවුන්ට කථාකොට: අද තිබෙන ප්‍රකාරයට කිරිද මීපැණිද ගලායන්නාවූ දේශයක් නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මා ඔවුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන පිණිස, නුඹලා මාගේ හඬට කීකරුවී, මා නුඹලාට අණකරන්නාවූ සියල්ල ලෙස කරන්න;


ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.


එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.


දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.


මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.


නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.


මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් ඔව්හු සපයාගත් සම්පත්ද රැස්කර තබාගත් දේද නළාගස් ඔය ළඟට ගෙනයන්නෝය.


ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:


ෂෙබාහි බිසව සාලමොන්ගේ කීර්තිය අසා ගැටලු ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහත් රාශියකුත් අනර්ඝ ගලුත් පැටෙවු ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.


ආබ්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක.


ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.


අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.


සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගන, නුඹේ වචනය දකුණු දෙසට පිටෝතුකර, දකුණු පළාතේ වනයට විරුද්ධව අනාගතවාක්‍ය කියා,


නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


උගේ ශක්තිය මහත් බැවින් නුඹ ඌ විශ්වාසකර, නුඹේ වැඩ ඌට භාරදෙන්නෙහිද?


ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.


එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්