Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 8:17 - Sinhala Revised Old Version

17 මක්නිසාද, මෙන්න, මම කිසි මන්ත්‍රයකට නොහික්මෙන සර්පයන්ද පොළඟුන්ද නුඹලා අතරට එවන්නෙමි; උන් නුඹලාට දෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 8:17
9 හුවමාරු යොමු  

මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.


ඔව්හු සාගතයෙන් ක්ෂයවෙමින්, දවන උෂ්ණයෙන්ද සැර වසංගතයෙන්ද නැතිවී යන්නෝය; මෘගයන්ගේ දත්ද දූවිල්ලේ බඩගායන සතුන්ගේ විෂද ඔවුන්ට විරුද්ධව යවන්නෙමි. පිටතදී කඩුවද


ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.


මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති.


ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.


එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.


අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.


දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්