Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:6 - Sinhala New Revised Version

6 එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:6
8 හුවමාරු යොමු  

ඔවුන්ගෙන් සමහරෙකු සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන් වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔව්හු සර්පයන්ගෙන් විනාශ වූ හ.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.


විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහණ වූ මහා භයානක පාළුකරය ඔස්සේ උන් වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති, වතුර නැති ස්ථානවල දී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක.


දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.


“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.


චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්