ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,
ගණන් කථාව 21:3 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී. Sinhala New Revised Version උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී. |
ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.
එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු නුඹලාට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් නුඹලා එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම නුඹලාට පහරදුන්නෝය.
එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.
යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ.