Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:2 - Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:2
15 හුවමාරු යොමු  

යෙප්තා ස්වාමීන්වහන්සේට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්,


යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට


එනම් ස්වාමීන්ට ස්ථානයක්ද යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට මණ්ඩපයක්ද සොයාගන්නා තෙක්


එසේය, ස්වාමීන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.


ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.


ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.


ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.


යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.


එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.


එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්