කොලොස්සි 3:20 - Sinhala Revised Old Version දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය. Sinhala New Revised Version දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි. සිංහල කාලීන පරිවර්තනය දරුවනි, සියල්ලේදී ඔබේ මව්පියනට කීකරු වන්න. මන්ද එය ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරවයි. Sinhala New Revised Version 2018 දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි. |
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
අපි වනාහි අපේ පියවූ රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් අපට අණකළ සියල්ල ගැන ඔහුගේ හඬට කීකරුවීමුව, කිසිකලක අපිවත් අපේ භාර්යාවෝවත් අපේ පුත්‍රයෝවත් අපේ දූවරුවත් මුද්‍රිකපානය නොබී,
නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.
එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.
නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.
දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
දාසයන් විසින්, අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරන පිණිස තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව සිට, සියලු කාරණාවලදී ඔවුන් ප්‍රසන්නකරන හැටියටද,
තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.