ක්‍රියා 2:13 - Sinhala Revised Old Version නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය. Sinhala New Revised Version එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ. Sinhala New Revised Version 2018 එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. |
නුඹේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා; ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේය, නිදාඉන්නන්ගේ තොල් සෙමින් සොලවන්නේය.
සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.
එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය.
සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.
එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.
එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?
ඒලී ඈට කථාකොට: නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්නැයි කීවේය.