Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:13 - Sinhala New Revised Version 2018

13 එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:13
10 හුවමාරු යොමු  

එබැවින් මුළු සභාව එක්රැස් වූ කල සියල්ලෝ ම අන් භාෂා කථනය කරත් නම් මේ ගැන උගැනුම නොලත් අය හෝ නොඅදහන්නන් හෝ එහි පැමිණියොත් ඔබට ඔල්මාද යයි ඔවුන් කියන්නේ නැද් ද?


තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත.


ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.


එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය සෙනඟ ආරක්ෂා කොට, ඔවුන්ගේ සතුරන් ගල් පටියේ ගල් මෙන් පාගා දමන සේක. ඔව්හු මිදියුස මෙන් ලේ බොන්නෝ ය. සතුරන් මරාදමන්නෝ ය. ඔවුන්ගේ ලේ පූජාසනයේ කොන්වල නෙරා ගිය අං පෙඟී තිබෙන පරිදි ද භාජනයකින් ලේ උතුරා යන පරිදි ද ඔව්හු ලේවලින් වෙරිමත් වී සිටින්නෝ ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.


ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!


මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.


මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.


එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්