Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:12 - Sinhala Revised Old Version

12 ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, “මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 විස්මයෙන් ද වියවුලෙන් ද ඇලළුණු ඔවුහු, “මොකක් ද මෙහි තේරුම?” යි ඔවුනොවුන්ගෙන් අසා ගන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, “මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:12
8 හුවමාරු යොමු  

මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය.


සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ඒ කුමක්දැයි ඇසුවේය.


දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.


තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට:


ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද?


යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.


මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේය.


ක්‍රීත්වරු සහ අරාබිවරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්