Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:14 - Sinhala Revised Old Version

14 ඒලී ඈට කථාකොට: නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:14
12 හුවමාරු යොමු  

සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.


එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.


අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වේලාවේද?


වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.


මනුෂ්‍යයෙකු ඇල ගැසූ භිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?


නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය.


එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්,


නුඹ මේවා පවසන්නෙත් නුඹේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?


ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.


නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්