එළිදරව් 9:11 - Sinhala Revised Old Version පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන් යන නම ඔහුට ඇත්තේය. Sinhala New Revised Version පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි) සිංහල කාලීන පරිවර්තනය උන්ගේ රජු වශයෙන් පතුලක් රහිත අගාධයේ දූතයා උන්ට සිටියේ ය. ඔහුගේ නම විනාශකයා යන අරුතින් හෙබ්‍රෙව් බසින් අබද්දොන් ය; ග්‍රීක් බසින් අපොල්ලියෝන් ය. Sinhala New Revised Version 2018 පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි) |
ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;
යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ.
නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.