Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 9:10 - Sinhala Revised Old Version

10 ගෝනුස්සන්ට මෙන් වල්ගාද කටුද උන්ට තිබේ; මනුෂ්‍යයන්ට පස් මසක් අනතුරුකරන්ට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ගෝනුස්සන්ට මෙන් වල්ගා හා දළ උන්ට තිබිණි. පස් මසක් මිනිසුන්ට හිංසා කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 9:10
7 හුවමාරු යොමු  

උන්ට අවසර දුන්නේ මිනිසුන් මරන පිණිස නොව ඔවුන් පස් මසක් වදකරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේය.


ඒ දුමින් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආවෝය; පොළොවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක්මෙන් උන්ට බලය දෙනලද්දේය.


මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති.


මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.


තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලාගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය.


මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.


නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්