එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට නුඹලා අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.
එස්රා 9:14 - Sinhala Revised Old Version අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද? Sinhala New Revised Version අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද? Sinhala New Revised Version 2018 අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද? |
එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට නුඹලා අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.
ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.
එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.
නුඹලාගේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන්වහන්සේ මේ සියලු විපත්ති අප පිටටත් මේ නුවර පිටටත් පැමිණෙවුවා නොවේද? එසේ වී නුමුත් නුඹලා සබත් දවස දූෂ්‍යකිරීමෙන් ඉශ්‍රායෙල් කෙරෙහි උදහස වැඩිකරන්නහුයයි ඔවුන්ට කීවෙමි.
එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.
සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
යූදා දේශයෙහිත් යෙරුසලමේ වීථිවලත් කළාවූ නුඹලාගේ පියවරුන්ගේ නපුරුකම්ද යූදාහි රජවරුන්ගේ නපුරුකම්ද ඔවුන්ගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාගේම නපුරුකම්ද නුඹලාගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාට මතකනැතිවීද?
එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා නුඹ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් නුඹ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම නුඹ තීන්දුවටම නැති නොකර, මදලෙස නුඹට දඬුවම් කරන්නෙමි; නුමුත් නුඹට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක.
මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම නුඹ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.
හොරේබ්හිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද නුඹලා විනාශකරන තරමට නුඹලාට කෝපවූසේක.
මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද?