Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:10 - Sinhala Revised Old Version

10 එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට නුඹලා අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:10
8 හුවමාරු යොමු  

නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න.


මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩිවී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැගී තිබේ.


ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට නුඹලා සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්‍රායෙල් කෙරෙහි තිබේයයි කීවේය.


දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.


එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.


එබැවින් දැන් නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.


අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්