Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 9:15 - Sinhala Revised Old Version

15 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකියයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 9:15
26 හුවමාරු යොමු  

ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?


එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.


ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය.


එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ විපත්තිය ගැන පිබිද සිට, ඒක අප පිටට පැමිණෙවුසේක. මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් කරන තමන්ගේ සියලු ක්‍රියාවල් ගැන ධර්මිෂ්ඨව සිටිනසේක, අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.


තවද මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: නුඹලා කථාකොට–අපේ වරද සහ අපේ පාපද අප කෙරෙහි තිබී අප එයින් ක්ෂයවී යද්දී අප ජීවත්වන්නේ කොහොමදැයි කියා නුඹලා කියන එක හරිය.


ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?


ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.


ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නොනැගුටුණුසේක් නම්, නුඹලාගේ ඇදහීම නිෂ්ඵලය; නුඹලා මේ දක්වා නුඹලාගේ පාපවල සිටින්නහුය.


මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩිවී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැගී තිබේ.


භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය. ඔබ කෝපවූ කල්හි ඔබ ඉදිරියෙහි සිටින්ට හැකි කාටද?


ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය.


ස්වාමිනි, ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය.


එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.


එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,


මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:


යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර රන් රිදීද බඩු සහ මෘගයන්ද දෙමින් උපකාරකෙරෙත්වායි පාර්සියාවේ රජවූ කෝරෙෂ් කියන්නේය කියා හඬිනුත් ලියවිල්ලෙනුත් පතළකෙළේය.


ඔබ ඉදිරියෙහි ඔහුගේ සිත විශ්වාසව තිබෙන බව දැක, ඔබ කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද ගිර්ගාෂිවරුන්ගේද දේශය දෙන්ට–ඔහුගේ වංශයට දෙන්ට–ඔහු සමඟ ගිවිසුමක් කර, ඔබගේ වචන ඉෂ්ටකළසේක; මක්නිසාද ඔබ ධර්මිෂ්ඨය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්