එස්රා 7:5 - Sinhala Revised Old Version ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය. Sinhala New Revised Version ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය. Sinhala New Revised Version 2018 ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය. |
මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.
උත්තම පූජකයාවූ අසරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය තිබෙන බව දැක, ඔහු එතනින් වහාම නෙරපාදැමුවෝය; එසේය, ස්වාමීන්වහන්සේ තමාට පහරදුන් නිසා පිටතට යන්ට ඔහුම ඉක්මන්කෙළේය.
මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් පුතියෙල්ගේ දුවක් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා පීනෙහාස් බිහිකළාය. මොව්හු තමන්ගේ පවුල් ලෙස ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.
මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.
මෝසෙස් පාප පූජාවේ එළුවා ඕනෑකමින් සෙවීය, බලව, ඒකා පුලුස්සාදමා තිබුණේය. ඔහු ඉතිරිව සිටිය ආරොන්ගේ පුත්‍රයන් වූ එලෙයාසර්ද ඊතාමාර්ද කෙරෙහි උදහස්ව:
මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: නුඹලා නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද නුඹලාගේ හිසකේ විදහා නොගන්න, නුඹලාගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් නුඹලාගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.
ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට:
පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.
මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.
මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය.
තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.
පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,
පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව නුඹලා මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.
(ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේද: යන්න, මක්නිසාද හෙට ඔවුන් නුඹලා අතට පාවාදෙන්නෙමියි කීසේක.