Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 19:11 - Sinhala Revised Old Version

11 මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 19:11
28 හුවමාරු යොමු  

තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්‍රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය.


එබැවින්, මාගේ දරුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත්වෙන්න.


අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.


මක්නිසාද ඔහු යහපත්වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක්ය. මහත් සමූහයක්ද ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.


බලව, මන්ත්‍රියෙක්ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලාසිටියාවූ,


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.


මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.


කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.


මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.


නුඹලා කරන්නේ මොකද කියා බලාගන්න. මක්නිසාද නුඹලා විනිශ්චයකරන්නේ මනුෂ්‍යයා උදෙසා නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; විනිශ්චයේදී උන්වහන්සේ නුඹලා සමඟ වනසේක.


ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.


තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: නුඹ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ඉවත්නොවනසේක, නුඹ අත්නොහරිනසේක.


හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය.


ඉතින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට නුඹලාගේ සිතත් ආත්මයත් යොමුකරන්න; ස්වාමීන්වහන්සේගේ නාමයට ගොඩනගන්ට තිබෙන ගෘහය තුළට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩද ගෙනයන පිණිස නැගිට දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනගන්නැයි කීවේය.


ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.


ඉතින් මාගේ පුත්‍රය, නුඹ සඵලවී, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගැන කීලෙස උන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස උන්වහන්සේ නුඹ සමඟ වනසේක්වා.


අසරියාට දාව අමරියාද අමරියාට දාව අහිතූබ්ද;


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.


එහෙත් නුඹලා අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය.


ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.


නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්