Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 10:6 - Sinhala Revised Old Version

6 මෝසෙස් ආරොන්ටත් ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට හා ඊතාමාර්ටත් කථාකොට: නුඹලා නොනස්නා පිණිසද උන්වහන්සේ මුළු සභාව කෙරෙහි උදහස් නොවන පිණිසද නුඹලාගේ හිසකේ විදහා නොගන්න, නුඹලාගේ වස්ත්‍ර ඉරානොගන්න. එහෙත් නුඹලාගේ සහෝදරයෝ වන මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ ඇවිලෙවු දැවීම ගැන වැලපෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 10:6
23 හුවමාරු යොමු  

එහෙත් නුඹලා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ නුඹලා අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.


කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද නුඹලා විසින් බලාගතයුතුය.


නුඹේ හිස බූගා, නුඹේ ප්‍රිය දරුවන් නිසා හිස මුඩුකොට, නුඹේ මුඩුකම රාජාලියා මෙන් පළල්කරගනින්න; මක්නිසාද ඔව්හු නුඹ වෙතින් වහල්කමට ගියෝය.


යෙරුසලම, නුඹේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.


ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.


තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, නුඹේ ප්‍රිය තැනැත්තා ළඟ නුඹේ තුම්මීම්ද නුඹේ ඌරීම්ද ඇත්තේය. මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.


දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.


ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්,


ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්