Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:32 - Sinhala Revised Old Version

32 පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:32
12 හුවමාරු යොමු  

තවද රැකවලුන්ගේ අධිපතිතෙම නායක පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපතියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.


ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.


පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.


ඔවුන්ගේ භාරය නම් පෙට්ටියද මේසයද පහන්රුකද පූජාසනද ශුද්ධස්ථානයෙහි සේවයට ගන්නා භාජනද කඩතුරාවද ඊට අයිති සියලු වැඩද බලාගැනීමය.


මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය.


එසේ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන ලද්දෝ දෙදාස් හසිය තිහක්ය.


කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.


ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.


ඔහුද: ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්