Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:25 - Sinhala Revised Old Version

25 ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් පුතියෙල්ගේ දුවක් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා පීනෙහාස් බිහිකළාය. මොව්හු තමන්ගේ පවුල් ලෙස ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:25
9 හුවමාරු යොමු  

ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.


(ඒ දවස්වලදී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එහි තිබුණේය. ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් ඒ දවස්වල එය ඉදිරිපිට සිටියේය.) ස්වාමීන්වහන්සේද: යන්න, මක්නිසාද හෙට ඔවුන් නුඹලා අතට පාවාදෙන්නෙමියි කීසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,


මෝසෙස්ද ගෝත්‍රයකින් දාහක් බැගින් වූ ඔවුන් සහ පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද ඔහු අතට ශුද්ධ ස්ථානයෙහි භාජනත් පිඹීමට නළාත් දී යුද්ධයට ඇරියේය.


තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය.


ඔහු අබිෂුවාගේ පුත්‍රයාය, ඔහු පීනෙහාස්ගේ පුත්‍රයාය, ඔහු එලෙයාසර්ගේ පුත්‍රයාය, ඔහු උත්තම පූජකයාවූ ආරොන්ගේ පුත්‍රයාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්