ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්,
එසකියෙල් 4:3 - Sinhala Revised Old Version තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය. Sinhala New Revised Version තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය. Sinhala New Revised Version 2018 තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය. |
ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්,
මෙසේ නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.
බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.
යෙරුසලම අසුවූ කල්හි, යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේදී බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඒක වටලාගත්තේය.
මෙසේ කියන්න–මම නුඹලාගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වහල්කමට යන්නෝය.
නුඹ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට ලකුණක් පිණිස නුඹ තැබීමියි කීයේය.
ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
ඔහු තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව ඇතුල්වෙන්ට තමාගේ මුහුණ යොමුකරන්නේය; එහෙත් ඔහු ඒ අය සමඟ සමාදානයක් කරගෙන, පසුව ඒක නැතිකරන පිණිස ස්ත්‍රීන්ගෙන් දුවෙක් ඔහුට දෙන්නේය; නුමුත් එය ඉෂ්ටවෙන්නේවත් ඔහුට හරියන්නේවත් නැත.
නුඹේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය.
සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි;
දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක.