Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:17 - Sinhala Revised Old Version

17 ඔහු තමාගේ මුළු රාජ්‍යයේ බලය ඇතුව ඇතුල්වෙන්ට තමාගේ මුහුණ යොමුකරන්නේය; එහෙත් ඔහු ඒ අය සමඟ සමාදානයක් කරගෙන, පසුව ඒක නැතිකරන පිණිස ස්ත්‍රීන්ගෙන් දුවෙක් ඔහුට දෙන්නේය; නුමුත් එය ඉෂ්ටවෙන්නේවත් ඔහුට හරියන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “මිසරයේ රජුගේ රාජ්‍යයන් යටපත් කිරීමට සිරියාවේ රජ අධිෂ්ඨාන කරගන්නේ ය. ඒ සඳහා ඔහු සමඟ සාම ගිවිසුමක් කරගෙන, රාජ්‍යය පෙරළාදැමීමට කාන්තාවක ඔහුට සරණකොට දෙන්නේ ය. එහෙත්, ඒ උපාය හරියන්නේ වත්, ඔහුගේ අදහස ඉෂ්ටවන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:17
15 හුවමාරු යොමු  

නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.


තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය.


එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය.


තවද උන්වහන්සේ ඔසවාගනු ලබන දවස් ආසන්නවූ කල, උන්වහන්සේ යෙරුසලමට යන පිණිස ස්ථිරලෙසින් තමන් මුහුණ යොමුකොට, තමන්ට පෙරටුව දූතයන් ඇරියසේක.


මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.


ඔහුද තමාගේ මුහුණ තමාගේම දේශයේ බලකොටු දෙසට හරවා, පැකිල වැටී නැතිවන්නේය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන් පුත්‍රයන් දෙසට හරවාගන, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්, මෙසේ කියන්න.


ඔවුන් බොහෝ දෙනෙකු සිඳදමන ලෙස ගොඩැලි සාදා බලකොටු ගොඩනගන කල, යුද්ධයෙහිදී ඵාරාවෝ තමාගේ බලවත් සේනාවද මහත් සමූහයද ඇතුව ඔහු උදෙසා කිසිවක් කරන්නේ නැත.


මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.


මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.


එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.


ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස එති; ඔවුන්ගේ මුහුණු නැගෙනහිර දෙසට යොමුකර තිබේ; ඔව්හු වැලි මෙන් වහලුන් රැස්කරගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්