Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 4:2 - Sinhala Revised Old Version

2 ඊට විරුද්ධව වටලාගැනීමක් පිහිටුවා, ඊට විරුද්ධව බලකොටු ගොඩනගා, ඊට විරුද්ධව ගොඩැල්ලක් සාදා, ඊට විරුද්ධව අන්දායම් තබා, වටකරින් ඊට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඉන්පසු ඊට විරුද්ධ ව බලකොටු ගොඩනඟා, ගොඩැල්ලක් ඉදිකොට, කඳවුර තබා, එය සිසාරා යුද්ධ යන්ත්‍ර තබා එය වටලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඉන්පසු ඊට විරුද්ධ ව බලකොටු ගොඩනඟා, ගොඩැල්ලක් ඉදිකොට, කඳවුර තබා, එය සිසාරා යුද්ධ යන්ත්‍ර තබා එය වටලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 4:2
12 හුවමාරු යොමු  

යුද්ධ යන්ත්‍ර තබන්ටත් මරාදැමීමට මුඛය හැර ඝෝෂා කිරීමෙන් ශබ්දනගන්ටත් දොරටුවලට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්ටත් ගොඩැලි සාදන්ටත් කොටු ගොඩනගන්ටත් යෙරුසලම ගැන ඔහුගේ දකුණතට පේන–ඊගස වැටුණේය.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය.


ඔහුගේ රජකම් කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත්, ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව බලකොටු ගොඩනැගුවේය.


ඔව්හු ඇවිත් බෙත්-මයකාහි ආබෙල් වටලාගන නුවර ඉදිරිපිට ගොඩැල්ලක් ඉදිකළෝය; එය පවුර ඉදිරිපිට තිබුණේය. යෝවාබ් සමඟ සිටි මුළු සෙනඟද පවුර හෙළාදමන්ට ඊට පහරදුන්නෝය.


ගොඩැලි නිසාත් කඩුව නිසාත් බිඳිනු ලබන මේ නුවර ගෙවල් ගැනද යූදාහි රජවරුන්ගේ ගෙවල් ගැනද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


උතුරු දිශාවේ රජද ඇවිත් ගොඩැල්ලක් නගා, පවුරු ඇති නුවරවල් අල්ලා ගන්නේය. දකුණු දිශාවේ රජුගේ සේනාවල්වත් ඔහුගේ තෝරාගත් සමුදාවවත් විරුද්ධව නොසිටින්නෝය, විරුද්ධව සිටින්ට ශක්තිය නැත.


මෙසේ නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.


මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.


පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්