Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 12:11 - Sinhala Revised Old Version

11 මෙසේ කියන්න–මම නුඹලාගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වහල්කමට යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 12:11
11 හුවමාරු යොමු  

තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දිළිඳු සෙනඟගෙන් සමහරෙක්ද සෙනඟගෙන් නුවර ඉතිරිව සිටි අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අයද සමූහයාගෙන් අනික් අයද අල්ලාගෙන ගියේය.


අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


නුඹ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට ලකුණක් පිණිස නුඹ තැබීමියි කීයේය.


තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය.


ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, නුඹ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී නුඹේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.


ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූ පැළෑටිය පැමිණෙන්ට සලස්වන්නෙමි.


ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.


සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.


බලකොටුවෙහි වාසයකරන්නිය, නුඹේ බඩු දේශයෙන් එක්කරගන්න.


තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්