Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:7 - Sinhala Revised Old Version

7 මෙසේ නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:7
9 හුවමාරු යොමු  

ඔහු මේ නුවර තුළට නෑවිත් ආ මගින්ම හැරී යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.


යූදාගේ වැස්ම අහක්කරනලද්දේය, නුඹ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය.


මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.


ඊට විරුද්ධව වටලාගැනීමක් පිහිටුවා, ඊට විරුද්ධව බලකොටු ගොඩනගා, ඊට විරුද්ධව ගොඩැල්ලක් සාදා, ඊට විරුද්ධව අන්දායම් තබා, වටකරින් ඊට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්න.


තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්