මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
එසකියෙල් 23:32 - Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගැඹුරුව පළල්ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහිය. ඒක නුඹ ගැන සිනාසීමටත් කවටකම්කිරීමටත් පුළුවන් පමණ පිරී තිබේ. Sinhala New Revised Version “ ‘මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. ගැඹුරු ව පළල් ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහි ය. එය පිරී තිබෙන බැවින් සියලු දෙනා නුඹට උසුළු-විසුළු කරනු ඇත. Sinhala New Revised Version 2018 “ ‘මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. ගැඹුරු ව පළල් ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහි ය. එය පිරී තිබෙන බැවින් සියලු දෙනා නුඹට උසුළු-විසුළු කරනු ඇත. |
මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.
මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ අත්පොළසන් දී, අඩිහපා, නුඹේ මුළු උඩඟුකමින් ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව සිතෙන් ප්‍රීතිවූ බැවින්,
මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,
ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස ඔවුන් නුඹලා පාළුකළ බැවින්ද නුඹලා වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද නුඹලා තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,
නුඹ ළඟින් යන සියල්ලන්ගේ ඇස් හමුවෙහි නුඹ අවට සිටින ජාතීන් අතරෙහි නුඹ පාළුවක්ද නින්දාවක්ද කරන්නෙමි.
මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, නුඹලා විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නැමති විපත්ති-ඊගස් මා නුඹලා අතරට එවන කල්හිත්,
ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.
ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.
ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.
ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍රකරදුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍රකර ඈට දෙන්න.