Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 44:13 - Sinhala Revised Old Version

13 ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 44:13
10 හුවමාරු යොමු  

අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති.


අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.


මක්නිසාද නුඹට ඉශ්‍රායෙල් කවටකමක් වුණා නොවේද? ඔහු සොරුන් අතරේ සම්බවීද? මක්නිසාද නුඹ ඔහු ගැන කථාකරන සෑම විටම නුඹ හිස වනන්නෙහිය.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය.


මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්