Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 36:3 - Sinhala Revised Old Version

3 නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස ඔවුන් නුඹලා පාළුකළ බැවින්ද නුඹලා වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද නුඹලා තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “එබැවින් නුඹ දිවැස් වැකි කියමින්, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක කියා කියන්න. අවට ඉතිරි ව සිටින ජාතීන්ට නුඹලා උරුමයක් වන පිණිස ද විජාතීන්ගේ ඕපාදූප හා ගැරහීමට ලක් වන පිණිස ද ඔව්හු නුඹලා පාළු කර හැම අතින් ම නුඹලා සුණු විසුණු කර නුඹලාට නින්දා කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “එබැවින් නුඹ දිවැස් වැකි කියමින්, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක කියා කියන්න. අවට ඉතිරි ව සිටින ජාතීන්ට නුඹලා උරුමයක් වන පිණිස ද විජාතීන්ගේ ඕපාදූප හා ගැරහීමට ලක් වන පිණිස ද ඔව්හු නුඹලා පාළු කර හැම අතින් ම නුඹලා සුණු විසුණු කර නුඹලාට නින්දා කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 36:3
33 හුවමාරු යොමු  

මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය.


අපකීර්තිය ලබන කල අපි අවවාද දෙමුව. මේ දක්වාම ලෝකයේ කුණු මෙන්ද සියලු දේවල කසළ මෙන්ද වී සිටිමුව.


ස්වාමිනි, අනේ ඔබගේ සියලු ධර්මිෂ්ඨකම් ලෙස ඔබගේ උදහසත් කෝපයත් ඔබගේ ශුද්ධවූ කන්ද වන ඔබගේ නුවරවූ යෙරුසලමෙන් පහවේවා. මක්නිසාද අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා යෙරුසලම සහ ඔබගේ සෙනඟ අප වටකර සිටින සියල්ලන්ට නින්දාවක්වී තිබේ.


මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.


ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.


ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.


ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.


ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ නුඹ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;


මොවුන්ගේ දෙවියෝ කොතැනදැ යි අන්‍ය ජාතීහු කුමට කියත්ද? ඔබගේ මෙහෙකරුවන්ගේ වගුළ ලේ ගැන පලිගන්න බව අන්‍ය ජාතීන් අතරේ අපේ ඇස් හමුවෙහි ප්‍රකාශවේවා.


නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.


දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව.


ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.


ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි නුඹ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.


දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය.


තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.


මට විරුද්ධව නැගුටුණවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසූසේක.


වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීවේය.


නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.


එසේවූ බැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ දේශය කොල්ලයක් කොට උඳුරාගන්න පිණිස මුළු සිතේ සන්තෝෂයෙන්ද ආත්මයේ උඩඟුකමින්ද ඒක තමුන්ට උරුමයක් කොට නියමකරගත් ඉතුරු ජාතීන්ටත් මුළු ඒදොම්ටත් විරුද්ධව සැබෑවටම මාගේ ජ්වලිත ගින්නෙන් මම කථාකෙළෙමි.


මාගේ සෙනඟගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ දොරටුවලට ඇතුල් නොවන්න; එසේය, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ විපත්තිය නොබලන්න, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ සම්පත්වලට අත නොපොවන්න.


අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්