Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:33 - Sinhala Revised Old Version

33 නුඹ මත්කමෙන්ද ශෝකයෙන්ද එනම් මවිතකමෙත් පාළුකමෙත් කුසලාන වන නුඹේ සහෝදරීවූ සමාරියේ කුසලානෙන් පූර්ණවන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 නුඹ වෙරිමතින් හා සෝදුකින් පිරෙන්නෙහි ය. එය බියජනක වනසන සුලු කුසලානකි. ඒ වනාහි සමාරිය නම් නුඹේ සහෝදරීගේ කුසලාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 නුඹ වෙරිමතින් හා සෝදුකින් පිරෙන්නෙහි ය. එය බියජනක වනසන සුලු කුසලානකි. ඒ වනාහි සමාරිය නම් නුඹේ සහෝදරීගේ කුසලාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:33
6 හුවමාරු යොමු  

නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.


නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.


නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.


නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ කුසලාන නුඹේ අතට දෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්