Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:26 - Sinhala Revised Old Version

26 ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:26
37 හුවමාරු යොමු  

ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මෝවබ් ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරකම් කළ නිසා, ජාතියක්ව නොසිටින ලෙස නැතිකරනු ලබන්නේය.


නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.


ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.


බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.


ඒක හෙළාදමනු ලැබූ හැටි! ඔවුන් කෑමොරගසන හැටි! මෝවබ් පිටිපා ලජ්ජාවට පැමුණුණු හැටි! මෙසේ මෝවබ් ඔහු වටකර සිටින සියල්ලන්ට කවටකමක් සහ භයංකාරකමක් වන්නේය.


ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය.


ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.


ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.


නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.


නුඹත් මත්වී සැඟවෙන්නෙහිය; නුඹත් සතුරාගෙන් ගැළවෙන්ට රක්ෂස්ථානයක් සොයන්නෙහිය.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.


මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.


මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.


ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.


පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.


මක්නිසාද ස්වාමීන්ගේ අතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි; එය මිශ්‍ර ද්‍රව්‍යයෙන් පිරී තිබේ, උන්වහන්සේ එයින් වත්කරනසේක. සැබවින් පොළොවේ සියලු දුෂ්ටයෝ එහි මණ්ඩි මිරිකා බොන්නෝය.


ඔබ ස්වකීය සෙනඟට දුෂ්කර දේ දැක්වූසේක. මත්කරවන මුද්‍රිකපානය අපට පෙවූසේක.


එහෙත් ස්වාමිනි, ඔබ ඔවුන්ට සිනාසෙනසේක; ඔබ සියලු අන්‍ය ජාතීන්ට කවටකම් කරනසේක.


ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.


උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?


තවමත් මාගේ සෙනඟ යන්ට නොහරින ලෙස ඔවුන්ට විරුද්ධව උසස්වන්නෙහිද?


මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.


ඒක ස්වර්ගයේ සේනාව දක්වාත් මහත්වී, සේනාවෙන්ද තාරකාවලින්ද සමහරක් පොළොවට හෙළා, ඒවා පෑගුවේය.


මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකෙළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,


බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්