උත්පත්ති 49:10 - Sinhala Revised Old Version ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය. Sinhala New Revised Version රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති, Sinhala New Revised Version 2018 රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති, |
නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
ඔව්හු කමින් බොමින් දාවිත් ළඟ තුන් දවසක් සිටියෝය. මක්නිසාද ඔවුන්ගේ සහෝදරයන් විසින් ඔවුන්ට එසේ පිළියෙළකර තිබුණේය.
තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.
මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.
මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.
බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.
ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීම පිණිස ඈට සවි ඇති දඬු තිබුණේය, ඇගේ උස වලාකුල් අතරටම උස්වී ගොස්, ඇගේ උසස්කමද ඇගේ බොහෝ අතු සමඟ පෙනුණාය.
ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.
පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.
නුඹ ගින්නට දර පිණිස වන්නෙහිය; නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේය; නුඹ තවත් සිහිකරනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමියි කීය.
එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.
එප්‍රායිම් බොරුවද ඉශ්‍රායෙල් වංශය වංචාවද ඇතුව මා වටකරගන සිටිති; එහෙත් යූදා දෙවියන්වහන්සේ එනම් විශ්වාසවූ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි තවම අස්ථිරව සිටියි.
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.
ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.
අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද,
මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.
ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.
ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.
පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,
එබැවින් පිලාත්: නුඹලාම ඔහු ගෙනගොස්, නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය.
ඒ කීම නිසා පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට සෙවීය. නුමුත් යුදෙව්වරු මොරගසමින්: ඔබ මොහු නිදහස්කර හැරියොත්, කායිසර්ගේ මිත්‍රයෙක් නොවේය. තමාම රජෙකු කරගන්න කවුරු නුමුත් කායිසර්ට විරුද්ධව කථාකෙරේයයි කීවෝය.
එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය.
නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.
මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.
ඈ බිහිකරන්නාවූ ළදරුවන් පිළිබඳයෙන්ද, ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේය. මක්නිසාද නුඹේ සතුරා නුඹේ නුවර දොරටුවලදී නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය.
මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යූදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.
සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.