Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 12:24 - Sinhala Revised Old Version

24 යූදා පුත්‍රයන්ගෙන් පලිහද හෙල්ලයද දරන්නාවූ යුද්ධයට සන්නද්ධවූ හදාස් අටසිය දෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:24
6 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවාදෙන පිණිස යුද්ධයට සන්නද්ධව දාවිත් වෙතට හෙබ්‍රොන්ට ආවාවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


සිමියොන් පුත්‍රයන්ගෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක්ය.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය.


එකල සියලු ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හි සිට දාවිත් වෙතට රැස්වී කථාකොට: අපි ඔබගේ ඇටද මාංසයද වමුව.


ඉශ්‍රායෙල් ගැන ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට දාවිත් රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ඔහුගේ රජකම ගැන ඔහුට උපකාරකළ ප්‍රධාන බලවන්තයෝ මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්