Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 5:1 - Sinhala Revised Old Version

1 ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 5:1
35 හුවමාරු යොමු  

ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ.


ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.


යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය.


එවිට උත්තම පූජකවූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණකෙළේය.


යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය.


උන්වහන්සේ මේක කී කල, ළඟ සිටියාවූ සේවකයන්ගෙන් එක්කෙනෙක්: නුඹ උත්තම පූජකයාට මෙසේ උත්තරදෙනවාද කියා, යේසුස්වහන්සේට අතුල්පහරක් ගැසීය.


එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා:


මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය.


නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.


මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.


එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති.


මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.


මනුෂ්‍ය පුත්‍රය, දවසේ, එනම් මේ අද දවසේම නම ලියාගන්න. බබිලෝනියේ රජ මේ අද දවසේදීම යෙරුසලමට ළංවී සිටියේය.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;


ස්වාමීන්වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවා ස්වාමීන්වහන්සේ කියෙවු වචනයේ හැටියට යූදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක.


එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය.


මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.


ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.


සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.


යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය.


පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි.


තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.


නුඹ ගින්නට දර පිණිස වන්නෙහිය; නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේය; නුඹ තවත් සිහිකරනු නොලබන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමියි කීය.


එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්