එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.
උත්පත්ති 43:11 - Sinhala Revised Old Version ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න. Sinhala New Revised Version එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. Sinhala New Revised Version 2018 එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. |
එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.
ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.
මක්නිසාද අපි ප්‍රමාද නූණෙමුනම් සැබවින්ම දෙවෙනි වරත් ගොස් මෙලහකට හැරී එන්ට තිබුණේයයි කීය.
ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.
ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය.
තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය.
යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය.
ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුවඳ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද ගෙනාවෝය.
මා සහ ඔබ අතරේද මාගේ සහ ඔබගේ පියා අතරේද ගිවිසුමක් තිබේ; මෙන්න රන් රිදී තෑග්ගක් ඔබට එවමි; ඉශ්‍රායෙල් රජවූ බාෂා මා වෙතින් අහක්ව යන පිණිස ඔබ ඇවිත් ඔහු සමඟ කර තිබෙන ඔබගේ ගිවිසුම කඩකළ මැනවැයි කියා ඇරියේය.
සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.
තවද ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අෂූර්හි රජුට තෑග්ගක් කොට ඇරියේය.
ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය.
රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය.
ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.
බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය.
මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය කොපමණ මිහිරිද! නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!
ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.
මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.
ගිලියද්හි ගුගුල් නැද්ද? එහි වෙදෙක් නැද්ද? ඇත්නම් මාගේ දියණිය වන සෙනඟගේ සුවය ලැබී නැත්තේ මක්නිසාද?
දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ නුඹ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට නුඹ කරා ගෙනාවෝය.
යූදාවරුද ඉශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෝද නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.
එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.
එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.