Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 33:10 - Sinhala Revised Old Version

10 එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:10
19 හුවමාරු යොමු  

ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.


ඔව්හු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය.


යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.


මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි.


අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.


අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.


රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.


දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.


දාවිත්ද තවත් දිවුරමින්: නුඹ මට කරුණාව ඇති බව නුඹේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, නුඹේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.


එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.


ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබී තිබේනම් නුඹලා ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි–


ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.


මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප්‍රාණය රක්ෂාකිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණාකළසේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදුවිය හැකිය.


මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න.


යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.


ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, නුඹට තිබෙන දේ නුඹටම තිබේවයි කීය.


දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්