Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:7 - Sinhala Revised Old Version

7 එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:7
10 හුවමාරු යොමු  

රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය.


නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය.


තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.


එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.


සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.


ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක.


රජද: මා සමඟ ගෙදරට ඇවිත් විඩා හැරගන්න, නුඹට ප්‍රසාද පඬුරක් දෙමියි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කීවේය.


එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය.


බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද නුඹලා යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසූහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්