Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:22 - Sinhala Revised Old Version

22 ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ සියලු ආකාර වටිනා සුවඳ ද්‍රව්‍ය ද සියලු ආකාර මැණික් ගල් ද රන් ද ගනුදෙනු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ සියලු ආකාර වටිනා සුවඳ ද්‍රව්‍ය ද සියලු ආකාර මැණික් ගල් ද රන් ද ගනුදෙනු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:22
11 හුවමාරු යොමු  

කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.


ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.


ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද නුඹට කථාකොට: නුඹ කොල්ලකන්ට ආයෙහිද? නුඹේ සේනාව නුඹ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.


ඔව්හු ජීවත්වන්නෝය; ෂෙබායේ රන් උන්වහන්සේට දෙනු ලබන්නේය. මනුෂ්‍යයෝ නොකඩව උන්වහන්සේ උදෙසා යාච්ඤාකරන්නෝය; දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසාකරන්නෝය.


තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.


කූෂ්ගේ පුත්‍රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රායමා සහ සබ්තෙකාය. රායමාගේ පුත්‍රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය.


ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.


නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.


එවිට පහසුගෙන නොසැලකිලිකමින් සිටින සමූහයක හඬ ඈ තුළ නැගුණේය. සාමාන්‍ය උදවියගෙන් මිනිසුන් හා සමඟ බේබද්දෝද කාන්තාරයෙන් ගෙනෙනු ලැබුවෝය; ඔව්හු ඒ අයගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ ඉස් පිට අලංකාර ඔටුනු තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්