උත්පත්ති 37:28 - Sinhala Revised Old Version මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය. Sinhala New Revised Version මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. Sinhala New Revised Version 2018 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. |
ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.
යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.
මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.
එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය.
ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.
මනුෂ්‍යයෙකු සොරකම්කොට විකුණන්නාවූ නොහොත් තමා සමඟ තබාගන්නාවූ තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය.
ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.
පස් අවුරුද්ද පටන් විසි අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් විස්සක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය.
මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.
මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්,
ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.
එවිට: ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමහරුන් විසින් මිල කරනලද තැනැත්තාගේ වටිනාකම වූ රිදී මිල තිහ රැගෙන,
එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඕනෑය. මක්නිසාද නුඹ මිදියන්වරුන්ගේ අතින් අප ගළවාගත්තෙහියයි කීවෝය.
ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය.