Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 37:28 - Sinhala New Revised Version 2018

28 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 37:28
25 හුවමාරු යොමු  

“ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,


එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක. එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය.


ඈ ඔහුගෙන් සිම්රාම්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය.


“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.


මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.


ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.


මෙසේ දිවැසිවර ජෙරමියාගේ කීමක් සැබෑ විය. එනම්: “යම් කිසි කෙනෙකුගේ වටිනාකමේ හැටියට ඉශ්රායෙල් ජනතාව අතර සම්මත ව තිබූ මිලය වන රිදී මිල තිහ,


ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.


මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.


ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය.


ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ.


“මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න.


මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය කොස්බි ය. ඈ මිදියන්හි දෙටු කුලයක සෙනඟට අධිපති නායකයෙකු වූ ශූර්ගේ දුව ය.


මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.


ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය.


ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, “ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ.


මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.


මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය.


“අවුරුදු පහේ සිට විස්ස දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි විස්සකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි.


එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්