Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 2:16 - Sinhala Revised Old Version

16 ඔහු ළිඳක් ළඟ හිඳගත්තේය. මිදියන්හි පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. ඔව්හු අවුත් තමන් පියාගේ එළු බැටළු රැළට පොවන පිණිස වතුර ඇද ඔරුවල පිරෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 2:16
11 හුවමාරු යොමු  

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


සවස් වේලෙහි, ස්ත්‍රීන් වතුර අදින පිණිස නික්ම යන වේලෙහි, ඔහු නුවරින් පිටත වතුර ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්සෙවුවේය.


ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය.


සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.


බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති.


ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙනලදී. ළින් කට උඩ තිබුණු ගලද මහත්ය.


මිදියන්හි පූජකවූ මෝසෙස්ගේ මාමා වන යෙත්‍රෝ වනාහි දෙවියන්වහන්සේ මෝසෙස් උදෙසාත් ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසාත් කරනලද සියල්ල එනම් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් පිටතට ගෙනා වග ඇසුවේය.


මෝසෙස්ගේ මාමාවූ යෙත්‍රෝ දෙවියන්වහන්සේට දවන පූජාවක්ද යාගද ගෙනායේය. ආරොන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝද මෝසෙස්ගේ මාමා සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කෑම කන පිණිස ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්